ලංකාවට අලුතෙන් හෙක්ටයාර 269ක් එක්වෙයි

ලංකාවට අලුතෙන් හෙක්ටයාර 269ක් එක්වෙයි

ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමිටර 2.6 ක් එක්කිරීම කොළඹ වරාය නගර භූමියේදී අද නිල වශයෙන් සිදුකෙරුණි.

ඒ අනුව හෙට සිට කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ව්‍යාපාර කටයුතු සදහා බදු පදනම යටතේ ලබාදීමට ශ්‍රී ලංකා රජයටත්, චීන සමාගමටත් අවස්ථාව හිමිවෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරන සමයේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදින කොළඹ වරාය නගරය සදහා මුල්ගල තැබුණේ චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමිටර 2.6 ක් අද සිට එක්වන අතර එය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ වරාය නගර භූමියේදී පැවැත්වුණි. 

ශ්‍රී ලංකා භූමියට මෙලෙස අලුතින් බිම් කොටසක් එක්විම වෙනුවෙන් අද සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කෙරුණි.

කොළඹ වරාය නගරයේ දෙවන අදියර හෙට සිට ආරම්භ වන අතර ඒ යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ මල ප්‍රවාහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරිම් සමාගම විසින් සිදුකිරිමට නියමිතයි. 

මෙම උත්සවයෙන් අනතුරුව අලංකාර මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න