සාග් ක්‍රීඩා උළෙලට ගිය ලංකා ක්‍රීඩකයන් 13ට ඩෙංගු

සාග් ක්‍රීඩා උළෙලට ගිය ලංකා ක්‍රීඩකයන් 13ට ඩෙංගු

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.

කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස දේශීය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක පැවසුවේ රෝහල් ගත කර ඇති එක් ක්‍රීඩකයකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවත්ය.

රෝහල් බලධාරීන් සහ වෛද්‍ය ඒකනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අතර සාකච්ඡාවලින් අනතුරුව, කොළඹ සිට විශේෂ කණ්ඩායමක් හමුවීමට ශ්‍රී ලංකාවට අවසර දීමට නේපාල බලධාරීන් එකඟ වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න