ජනපති සමාව ලැබූ ජූඩ් රටින් ගිහින්

ජනපති සමාව ලැබූ ජූඩ් රටින් ගිහින්

මරණ දඬුවම නියමව සිට ජනපති සමාවෙන් නිදහස ලැබූ ජුඩ් ශ්‍රමන්ත ජයමහට ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ විදෙස් ගමන් තහනම ලබන වසරේ ජුනි 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් අතර මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සළකා බැලීම අද (10දා) විභාගයට ගත් අවස්ථාවේදී ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න