ඩෙංගු බෝ කලැයි සුගතදාසයේ ලොක්කෙකුට නඩු පවරන්න යයි

ඩෙංගු බෝ කලැයි සුගතදාසයේ ලොක්කෙකුට නඩු පවරන්න යයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සැකකාර අධ්‍යක්ෂවරයාට(පාලක) මෙම 13 වන දින මාලිඟාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

මෙම උවදුර හේතුවෙන් ඉකුත් 25-28 යන දිනයන්හි එහි නවාතැන් ගෙන සිටි සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 13දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී කත්මන්ඩු නුවර රෝහලක පසුවීම හේතුවෙන් මෙම ස්ථානය දැඩි පරීක්ෂාවකට ලක් කළ බවද, ප්‍රධාන වෛද්‍යවරයා කීය.

එහිදී ස්ථාන 10කදී අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ ස්ථාන රැසකින් ඩෙංගු මදුරු කීට හමුවූ බවද, අපිරිසිදු ලෙස එම ස්ථානය පවත්වාගෙන යාම පිළිබඳව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කිහිපවතාවක්ම එහි පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම සිද්ධිය දැනගත් වහාම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ නිලධාරීන් කණ්ඩායමට ඊයේ(09) එම ස්ථානය පරීක්ෂා කර අබලි ද්‍රව්‍ය ඇතුළු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමටත්, එහි අධ්‍යක්ෂකවරයාට අබලි ද්‍රව්‍ය ඉවත්කිරීමටත් නියෝග කර තිබේ.

සැබදි පුවත:

සාග් ක්‍රීඩා උළෙලට ගිය ලංකා ක්‍රීඩකයන් 13ට ඩෙංගු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න