මාධ්‍යවේදීන්ට දිගටම තර්ජන : අද මධූක තක්සලට !

මාධ්‍යවේදීන්ට දිගටම තර්ජන : අද මධූක තක්සලට !

අද ( 10) ලේක් හවුස් හී මාධ්‍යවේදී මධූක තක්සල වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක් මරණ තර්ජන කර පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

ඔහු මේ සම්බන්ධව පොලිසිය වෙත පැමිණිල්ලක් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර කලුතර, අලුත්ගම ප්‍රාදේශිය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට එම ප්‍රදේශයේ මැර පිරිසක් විසින් පහරදීම හා තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා එහි ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාදේශිය මැර කණ්ඩායම් යළි හිස එසවීම රටේ සියලු මාධ්‍යවේදීන්ට සහ මහජනතාවට එල්ලවන තර්ජනයක් බව පෙනී යන බවත් එහෙයින් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට ගෙන ප්‍රාදේශිය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට යුක්තිය ඉටු කර දෙන ලෙසය.

මැර පිරිස් නිදැල්ලේ සිටීම නිදහස් මාධ්‍යයට බරපතල තර්ජනයක් බවත් ඉදිරියේදි මෙවැනි ක්‍රියා සිදුවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසද එම නිවේදයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

80008124 549515385890623 808201377820966912 n

79187781 2620009844936087 8556540705877524480 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න