මරණ දඬුවමට එරෙහි අතුරු තහනම දිගු කරයි

මරණ දඬුවමට එරෙහි අතුරු තහනම දිගු කරයි

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වන්නනේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන වසරේ මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09දා) තීන්දු කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගනු ලැබීය. එයට එරෙහිව ඉදිරිපත් වූ සියලුම පෙත්සම් ලබන වසරේ මාර්තු 17 , 18 , 19 යන තෙදින සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සිව් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද කැඳවිණි.

එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදුවී සිදුවි තිබෙන හෙයින් ඒවාද සංශෝධනය කර ඊළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන්නැයිද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න