ආන්දෝලනාත්මක රිය අනතුර සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ එවකට රියදුරු තුසිත කුමාර නමැති පුද්ගලයාගේ මව, බිරිඳ සහ වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය කිසිදු උසාවි නියෝගයකින් තොරව ගාල්ල ඉමදූවේ නිවසේ සිට බත්තරමුල්ල දක්වා බලහත්කාරයෙන් රැගෙන ඒමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (15) රාත්‍රී 12.45ට පමණ පොලිස් පරීක්ෂක මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අනීතික කටයුත්ත සිදුකර ඇති අතර රියදුරු තුසිත කුමාර පැමිණෙන තුරු ඔවුන්ව බත්තරමුල්ල ප්‍රදේශයේ ඊප් රථයක රඳවා ගෙන සිට ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධ තොරතුරු නීතිඥ ශිරාල් ලක්තිලක ද ලීඩර් වෙබ් අඩවිය වෙත සඳහන් කර ඇත.
ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයක් සම්බන්ධයෙනි.
කෙසේ වුවත් පසුගියදා මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කර සිටියේ මෙම අනතුර ට අදාල නඩු කටයුත්ත මීට පෙර අධිකරණය හමුවේ විභාග කර අවසන් කරනු ලැබුවක් බවත් දැන් මේ සිදුවන්නේ ආණ්ඩුවට බලපෑමක් කළ හැකි විරුද්ධ පක්ෂ නායකයන් දඩයම් කිරීමේ කටයුත්තක් බවය.

