කරූ සූදානම් !

කරූ සූදානම් !

එක්සත් ජාතික පක්‍ෂය සමගි කර ජයග්‍රහණය දක්වා ගෙනයාමට පක්‍ෂය විසින් තමන්ට වගකීමක් ලබාදෙන්නේ නම්, කොන්දේසි කිහිපයක් යටතේ එය ඉටුකිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය පවසා ඇතැයි වාර්තා වේ.

භික්‍ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන්, එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ හා තරුණ මන්ත්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පක්‍ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ පූර්ණ බලය තමන්ට ලැබිය යුතු බව අවධාරණය කර ඇති ජයසූරිය මහතා ඒ සඳහා වර්තමාන නායකයාගේ හා නියෝජ්‍ය නායකයාගේ ආශිර්වාදයද, පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියද, පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟත්වයද, පක්‍ෂ මහා සම්මේලනයකදී අනුමැතිය ලැබීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සියලු කණ්ඩායම්වල පොදු ඉල්ලීමක් තිබේ නම්, යුතුකමක් වශයෙන් සිමීත කාලයකට ඊට මැදිහත් වීම ගැන සලකා බැලිය හැකි බවත්, එහෙත් කිසිදු අවස්ථාවකදී තමා පක්‍ෂයේ තනතුරු ඉල්ලා නොමැති බවත් හෙතෙම  පවසා තිබේ.

එසේම ලක්‍ෂ ගණනක් පාක්‍ෂිකයන් හා පක්‍ෂය වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න