Language Switcher

V2025

පී.එස්.එම්. චාල්ස් : උතුරේ ආණ්ඩුකාර ධූරයට !

 
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කර ඇතැයි වාර්තා වේ.
 
ඇය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන ඇය  මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළාය.
 
තවද පී.එස්.එම්. චාල්ස්  ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.