සැකසහිත ඇමතුම් ලැබීමක් ගැන අනතුරු ඇඟවීමක් !

සැකසහිත ඇමතුම් ලැබීමක් ගැන අනතුරු ඇඟවීමක් !
ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබීමේ ප්‍රවනතාවයක් මේ දිනවල ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත්කරමින් අනතුරු හඟවයි.
 
එම සංගමය වැඩිදුරටත් තම නිවේදනයේ මෙසේද සදහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තාවීම් කිහිපයක් ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බවට වාර්තා වේ. 
 
මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත. 
 
මේ නිසා නාදුනන සැකසහිත දුරකථන ඇමතුම්වලට (+94 / 0094 නොවන) (+24 / +91 / +96 / +22 / +90 / +97 / +33 / +92 / 041 / +92 / +81 / +21/ +25 /+60 / +25 වන) නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.
 
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න