Language Switcher

V2025

ආණ්ඩු මාරුව සමග මාධ්‍ය මාරු වුණේ මෙහෙම : සුදර්මන්ගේ නමත් නෑ !

ආණ්ඩු මාරුවත් සමග ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්ව ඇති තත්ත්වයට කදිම නිදර්ශනයක් ලංකාදීප වෙබ් අඩවියේ තිබූ පුවතක් හරහා දැකගන්නට ලැබිණ.

"දූෂණ චෝදනා පත්වීමක් : ජනපති අණින් අවලංගුයි " යන ශීර්ෂය ඇතිව එම පුවත ලංකාදීප වාර්තා කර තිබුණේ මේ ආකාරයට ය.

ලංකාදීප පුවත මෙන්න !

"දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත.ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත්වූ නිලධාරියකුගේ පත්වීම අවලංගු කරන ලෙස එම ආයතනය බාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ ආයතනයේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා මොහු ඉහළ තනතුරකට පත් කරනු ලැබූ නමුත් ඔහු ඉවත් කිරීමේ ලිපිය දෙසැම්බර් 31 වැනිදා යවා ඇත.අදාළ නිලධාරියා එම තනතුරින් ඉවත් කළ බව ජනාධිපති ලේකම්වරයාට සහ තමාට දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

"නිදහස් මාධ්‍ය ?

අවම වශයෙන් මෙම සිදුවීම සිදුව ඇත්තේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ බව යන්න හෝ පුවතේ සඳහන් කර නොමැති අතර අදාල ආයතනය කුමක්ද ? එකී තනතුර කුමක්ද යන්නවත් සඳහන් කර නැත.

පුවත සුදර්මන් රදලියගොඩ ගැනය !

සැබැවින්ම මේ පුවතට පසුබිම වන්නේ දූෂණ චෝදනා ලබා සිටින සුදර්මන් රදලියගොඩ නම් පුද්ගලයාව ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ( ප්‍රවෘත්ති ) තනතුර සඳහා පත්කිරීමත් අනතුරුව ජනාධිපති කාර්‍යාලයේ නියෝග අනූව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව තනතුරෙන් ඉවත් කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති දැනුවත් කිරීමය.

පහත දැක්වෙන්නේ එකී ඉවත් කිරීම සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සභාපති වෙත යොමුකළ ලිපියය.

Letter Sudarman

නම් ගම් ආයතන නොමැති මේ ආකාරයේ පුවතක් නිර්මාණය වන පසුබිම තේරුම් ගැනීම ඔබ සතුය.