තනියම ඉල්ලමු : ශ්‍රිලනිපයට ඉල්ලීම් !

තනියම ඉල්ලමු : ශ්‍රිලනිපයට ඉල්ලීම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තනිව ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ගෙන් දැඩි ඉල්ලීමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් කිහිපදෙනකු උපුටා දක්වමින් සති අන්ත  අනිද්දා පුවත්පත (05) මේ බව වාර්තා කර ඇත.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

මේ වන විට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් රැසක් සෘජුවම ශ්‍රිලනිප ය විවේචනය කරමින් සිටින බවත් , ඉදිරි මහමැතිවරණ කාලසිමාවේදීද එම විවේචනයෙහි අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බවත් එම ප්‍රාදේශීය නායකයන්ගේ අදහස බව ඔවුන් පවසයි.

මහමැතිවරණයේ දී ශ්‍රිලනිපයට අඩු නාමයෝජනා ප්‍රමාණයක් ලැබීමේ ඉඩකඩක් තිබෙන බවත් , ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනාටද පොදුජන පෙරමුණේ වාගේ ප්‍රහාර නිසා මනාප නොලැබීමේ ඉඩක් තිබෙන බවත් ඔවුන්ගේ අදහස ය.

නිර්නාමිකව අදහස් දැක්වූ එම මධ්‍යම කාරක සභිකයන් ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ සමග එක්ව තරග කර ලැබිය හැකි මන්ත්‍රී ධූර ප්‍රමාණයට වඩා වැඩි මන්ත්‍රී ධූර ප්‍රමාණයක් තනිව තරග කොට ලබාගන්නට හැකි වෙතැයි අනුමත කළ හැකි බවයි.

ශ්‍රිලනිප ප්‍රාදේශීය මට්ටමේ නායකයන් පිරිසකට නාමයෝජනා ලබාදීමේ අවස්ථාවක් එයින් හිමිවෙන බවත්, එය දීර්ඝකාලීනව ශ්‍රිලනිපයට යහපත් වනු ඇති බවත් එම නායකයෝ කීහ. ඊට අමතරව ශ්‍රිලනිපයට ස්වාධීන පාර්ලිමේන්තු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වුවහොත් ආණ්ඩුවට විවේචනාත්මකව කටයුතු කිරීමට හැකිවීමත් වැදගත් බව ප්‍රාදේශීය නායකයන්ගේ අදහස බව පැවසේ.

එම යෝජනා පිළිබඳව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අදහස් දැක්වූ නායකයෝ පැවසූහ.

ප්‍රාදේශීය නායකයන් ප්‍රකාශ කර ඇත්තේ දැනට ඇති ප්‍රශ්නය පොහොට්ටුව ලකුණින් ඉල්ලනවාද , පුටුව ලකුණින් ඉල්ලනවාද යන්න නොවන බවත් කුමන ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වූවද පොදුජන පෙරමුණේ නායකයන් මැතිවරණයේදී ශ්‍රිලනිප ය දරුණු ලෙස විවේචනය කරමින් ශ්‍රිලනිප නායකයන් ට මනාප නොලැබෙන තත්ත්වයක් ඇති කිරීම බරපතලම ප්‍රශ්නය බව එම නායකයන් ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රිලනිප නායකයන් අතර තවම සාකච්ඡාවක් සිදුවී නැතැයි එම මධ්‍යම කාරක සභිකයෝ කීහ. ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලනිප සභාපති ධූරයට පත්කිරීම වෙනුවෙන් මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වූවත් ඉදිරි මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට තවම මධ්‍යම කාරක සභාව රැස්වී නොමැති බව එම නායකයෝ කීවෝය. ඉදිරි මහ මැතිවරණය ගැන හදිසියේ තීරණයක් නොගන්නා බවත් පවතින දේශපාලන තත්ත්වය සලකා බලා ඉදිරියේ දී තීන්දු ගන්නා බවත් ඔවූහු පැවසූහ.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න