කුවේට්හි රැදී සිටි ශ්‍රමිකයින් 21ක් දිවයිනට

කුවේට්හි රැදී සිටි ශ්‍රමිකයින් 21ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත 01 වැනි  දින UL 230 හා QR 662 දරණ ගුවන් යානා දිවයිනට පැමිණ තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්වයන් හේතුවෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලදී.

මෙසේ පැමිණි පිරිස අතරින් සිව් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පෙළෙන අය වූහ.

තවත් ශ්‍රමිකයින් පස් දෙනෙකු සඳහා නිවෙස් බලා යාමට ගමන් වියදම් කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදුන් අතර, රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීමද සිදුකරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න