ඇමරිකානු ඉහළ නිලධාරිනියක් එයි : MCC ගැනත් වචනයක් දෙන්න වෙයි ?

ඇමරිකානු ඉහළ නිලධාරිනියක් එයි : MCC ගැනත් වචනයක් දෙන්න වෙයි ?

ශ්‍රී ලංකාවෙි නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියක වන ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජි.වෙල්ස් ලබන සඳුඳා (13) මෙරට සංචාරයක් සදහා  පැමිණෙන බව ටි‍්‍රබියුන් ඉන්දියා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවිය අද   (10) මේ පුවත වාර්තා කර ඇති අතර ඊට අනුව සිය නිල සංචාරය ආරම්භ කරමින් ඇය ලබන 13 සහ 14 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.

එසේම ඇය ඉන්දීයාවේ සහ පාකිස්ථානයේ ද සංචාරය කිරිමට සැලසුම් කර ඇති බවත් එහි සදහන්ය.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරිය  රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මෙන්ම දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්විමට සැලසුම් කර ඇති බවද එහි සඳහන්ය.

MCC ගිවිසුම ගැනත් කතා කරයි !

මේ සංචාරය සම්බන්ධව අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ මෙහිදී MCC ගිවිසුම සම්බන්ධව ද සාකච්ඡා කරනු ඇති බවය.

පසුගිය ආණ්ඩු සමයේ මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධව එවකට විපක්ෂය ලෙස පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශව දැඩි විරෝධයක් දක්වා සිටියත් මේ වන විට එම විරෝධය යටපත් කරගෙන එය අත්කර ගැනීමට මාන බලමින් සිටින බවක් පෙන්නුම් කරන බවද ඔවුන් පවසයි.

බොරු මාරාන්තික උපවාස හරහා විරෝධතා දැක්වූවත් ඩොලර් මිලියන 480ක් අහිමිවීමේ සහ ඇමරිකාව සමග අත්සන් තබා ඇති අනෙක් ගිවිසුම් සක්‍රීය කිරීමට මේ සම්බන්ධව වචනයක් දීමට ලංකා බලධාරීන්ට සිදුවනු ඇති බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න