බදු කොමසාරිස් ලෙස  බෝදරගම පත්වෙයි : ගෝඨාගේ සිහින රාජ්‍ය හොරු ගනීද ? 

බදු කොමසාරිස් ලෙස  බෝදරගම පත්වෙයි : ගෝඨාගේ සිහින රාජ්‍ය හොරු ගනීද ? 
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ. බෝදරගම පත් කෙරේ. 
 
මේ සම්බන්ධව ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත්කර ඇත.
 
එම නිවේදනය අනූව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. 
 
1985 වසරේ දී සුරාබදු පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවා තිබේ. බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය. 
 
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාල හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත වී ඇත.  
 
ගෝඨාගේ සිහින හොරු ගනියි !
මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම හා වෙනත් වංචා හා දුෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත්කර මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කර සිටි අයෙකු ලෙස ඒ. බෝදරගම ගැන අප මීට පෙර අනාවරණය කල බව ඔබට මතක ඇත.
 
දූෂණ චෝදනා ලැබූ කිසිවෙකු රජයේ ඉහළ තනතුරුවලට පත්නොකිරීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම පැවසූ නමුත් මේ වැනි පත්කිරීම්  දිගටම  සිදුවෙමින් පවතී.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න