ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි.
මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිල්ල බාර ගෙන අවශ්‍ය කටයුතු කර නොමැති බවය .
ඇය මෙම පැමිණිල්ල කරනු ලබන්නේ වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ ඒකකයේ උපදෙස් මත වගකීමකින් බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැහැදිලි කිරීමට උත්සාහ දරා තිබේ.
ඒ කිසිවකට කන් නොදුන් පොලිස් ස්ථානධිපතිවරයා ඇය ගේ ආත්ම ගෞරවයට හා ජිවිතයට ද තර්ජනයක් වන පරිදි හැසිරි තිබේ. මෙහි ප්‍රතිඵළයක් වශයෙන් නිමන්ති රණසිංහට නුගේගොඩ පොලිස් අධිකාරි කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාට ද මුල්ලේරියා පොලිස් ස්ථානාධිපතිවරයට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට සිදු වි තිබේ.
මේ පිලිබදව දැඩි විරෝධය ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම සලකන්නේ පුරවැසියන් ගේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම දරන, රාජ්‍ය ආයතනයක් විසින් සිදු කරන ලද වගකීම් විරහිත ක්‍රියාවක් ලෙසය .
පුරවැසියන්ට සත්‍ය වාර්තා කිරීමේ වගකීම දරණ වෘත්තීය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙලෙස ක්‍රියා කිරීම අශිෂ්ට පුර්වා දර්ශ සැපයීමක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාත පරික්ෂණයක් කොට වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන මෙන් සියළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි.

