මේ දිනවල මාධ්‍ය හරහා එළිදකින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු මෙන්ම එජාපයේ උපනායකයාද වන රවි කරුණානායක දැඩි විවේචනයක් එල්ල කිරීමට කටයුතු කොට ඇත.
හිටපු ජනාධිපති සිරිසේන සහ ශ්‍රීලනිපයේ සිටින ඇතැමුන් සමග එක්ව රන්ජන් කළ මෙම ක්‍රියාව හරහා එජාපයට පමණක් නොව ස්වාධීන අධිකරණයටද හානියක් සිදුව ඇති බව එහිදී එජාප උප නායක රවී කරුණානායක පවසා ඇති බවත් වාර්තා වෙයි.
එමෙන්ම රන්ජන් පිස්සකු ලෙස පෙන්වා දී ඇති කරුණානායක මහතා මෙවැනි පුද්ගලයන් දේශපාලනයේ නොයෙදිය යුතු බවද සදහන් කර ඇති බවත් වාර්තා වෙයි.මේ අතර තවත් පුවත් වාර්තාවක මෙවැනි අනාවරණයක් ඇත.
ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රන්ජන් රාමනායක අතර සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක සංවාද රැසක හඬපටිද මේ වනවිට හමුව ඇති බව සහ මෙම සංවාදයන්හිදී පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සහ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් දෙදෙනා අතර විශාල වශයෙන් අදහස් හුවමාරු වී ඇති බවය.
එසේම එළඹෙන මහමැතිවරණයට සති කිහිපයක් තබා මෙම හඩපට එළියට එනු ඇති බවය.
(මූලාශ්‍රය - මව්රට)

