ඉන්ධන මිල ඉහළ දානවා :  ජනතාව බර  දරාගන්න සූදානම් වෙන්න - බන්දුල කියයි 

ඉන්ධන මිල ඉහළ දානවා :  ජනතාව බර  දරාගන්න සූදානම් වෙන්න - බන්දුල කියයි 

ඉදිරියේදී ඉන්ධන මිල වැඩි කිරීමට රජයට සිදුවන බවත්, මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන පවසයි.

අමාත්‍යවරයා සදහන් කරන ආකාරයට  දැනට ඉන්ධන ලබා දෙන්නේ රජය පාඩුව දරා ගනිමින් වන අතර  මේ වනවිට එය දරාගත නොහැකි මට්ටමට පැමිණ තිබේ.ඒ අනූව  අදාල  පාඩුව දරා ගැනීම ජනතාව විසින් භාරගත යුතු බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා තිබේ.විශේෂයෙන් මේ වනවිට මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන දේශපාලන උණුසුම හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා  අවධාරණය කර ඇත.

යහපාලනය තුළ රවී  ලබාදුන් සහනය සහ මංගලගේ මිල සූත්‍රය !

කෙසේ වුවත් යහපාලන ආණ්ඩු සමයේ පළමු අවස්ථාවේ සිට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක   ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අඩු මිලට ලබාදීමට කටයුතු කරනු ලැබූ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දක්වා කාලය තුළ ඉන්ධන සහ ගෑස් මිල පැවතියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවති මිලටත් ඉතා අඩු මිලකටය.

අනතුරුව මුදල් අමාත්‍ය වූ මංගල සමරවීර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එහිදි ද මිල පාලනය කරමින් සහන මිලට ඉන්ධන ලබාදුන් අතර කිසිවිටෙකත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ තරමට හෝ මිල ඉහළ යන්න දුන්නේ නැත.එහෙත් ඒ සමයේ පොදුජන පෙරමුණ ට සම්බන්ධ පාර්ශවය කියා සිටියේ මංගලගේ මිල සූත්‍රය ඉන්ධන මිල ඉහළ දමන මූල්‍ය අරමුදල් ලබාදෙන ගෝලිය සංවිධාන වල පදයට නැටීමක් ලෙසය.

ඒ මිත්‍යාව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පොදුජන පෙරමුණට දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් දිගින් දිගටම යොදාගෙන මඩ ගැහුවා මිස ඉන්ධන මිල සහනදායී ප්‍රතිපත්තියක් තුල ඉතා අපහසුවෙන් ලබාදීමට කටයුතු කරන තත්ත්වය අනාවරණය කළේ නැත.කෙසේ වුවත් දැන් සුපුරුදු ලෙස ජනතාව මතම පමණක් ආර්ථික දුෂ්කරතා පටවන ක්‍රමය පැමිණ තිබේ.

ජනතාව වෙත වඩාත් අවාසි සහගත තත්ත්වයක් වන්නේ මේ ඉන්ධන මිල වැඩිවීම සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ අවධානම සහ ප්‍රවාහන වියදම් පවා ඉහළ යාමේ අවධානමක් මතුව තිබීමය.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලය ලැබූ මුල් අවධියේ ජනතාව වෙත බර නොපටවා කෙසේ හෝ දුෂ්කරතා මැඩගෙන කටයුතු කරන තත්ත්වයක් පැවතියත් වත්මන් ආණ්ඩුව වෙතින් එවැනි කිසිදු ජනතාව නොපෙලන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමක් පෙනෙන්නට නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න