රන්ජන්ට ක්‍රියාත්මක නීතිය අජිත් ප්‍රසන්නටත් අදාල නොවන්නේ කොහොමද - උවිදු

රන්ජන්ට ක්‍රියාත්මක නීතිය අජිත් ප්‍රසන්නටත් අදාල නොවන්නේ කොහොමද - උවිදු

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (14) පස්වරුවේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර නියෝග කළේය.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ, කොළඹ අපරාධ කොට්ඨාසයෙය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට මේදිනවල ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එවැනි පසුබිමක අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව රංජන් රාමනායක මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පස්වරුවේ ලබා දුන් උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලූ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.

ඇප ලබාදුන් පැමිණිලි ම යළිත් වෙනත් 'බී' අංකයකින්:

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් පවසා සිටියේ, මිට ඉහතදී මෙම කාරණයට අදාලව ම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාට නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල විසින් ඇප ලබා දුන් බවයි.

එහිදී පොලිසිය විසින් ඉදිරිපත්කර තිබු 'බී' වාර්තාවට අද සංශෝධන කිහිපයක් එක්කර ඇතත්, මන්ත්‍රීවරයා විනිසුරුවන්ට බලපෑම් කලබවට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත්, අවම වශයෙන් ඔහුට එරෙහිව කිසිඳු විනිසුරුවරයකු අධිකරණ කොමිසමට පැමිණිල්ලක් කර නොමැති බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නීතිඥයින් පෙන්වා දුන්නේය.

අජිත් ප්‍රසන්න කලෙත් අධිකරණයට අපහාස කිරීමක් නේද ? - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ විමසයි

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ මෙවැනි සඳහනක් පළකර ඇත.

 ''විනිසුරුවරු/වරියන් අපට කතා කිරීමත්, අප ඔවුන්ට කතා කිරීමත් ප්‍රශ්ණයක් නැත. ප්‍රශ්ණය ඇත්තේ විභාගවන නඩු කටයුතු ගැන කතා කිරීමය. රන්ජන්ව දැම්මා නම්, අර අජිත් ප්‍රසන්න 12වෙනිදා තියපු ප්‍රෙස්කොන් එක උඩ එයාවයි, ඒක විකාශණය කරපු හිරු එකයි දෙකම දාන්න ඕනෙ ඇතුලට. පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක්. කෝ නීතීඥ සංගමය??

unnamed

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න