ඉදිරි මහමැතිවරණය මෙහෙයවීම සදහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(16) ගනු ලැබීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවිමට යෝජිතය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට(16) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නායකත්ව මණ්ඩලය පිහිටුවිම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර අනුමැතිය විමසීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරණයට පසුව නොයෙක් මුහුනුවරින් කරලියට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමත් සමගම විසදෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගෙන් සමන්විතව පිහිටුවන නායකත්ව මණ්ඩලය මගින් ජනාධිපතිවරණයේ නොලැබුන සිංහල බෞද්ධ, මධ්‍යම පන්තිය, ව්‍යාපාරික සහ ග‍්‍රාමීය ඡුන්ද යළි පක්ෂයට දිනා ගැනීමේ ක‍්‍රමවේදය ඉදිරි සතිය ඇතුලත නායකත්ව මණ්ඩලය විසින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සජිත් පාර්ශවය විරුද්ධයි !
කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස පාර්ශවය සඳහන් කරන්නේ මෙම යෝජනාව වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය තවදුරටත් තහවුරු කරන්නක් බැවින් ඊට සහය දිය නොහැකි බවය.
එබැවින් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස වෙත ලබාදී මිස සටන අත්නොහරින බවත් ඔවුන් පවසයි.
පසුගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවස්ථාවේ ඒ ගැන රනිල් වික්‍රමසිංහගේ මුහුණට පැවසීමට ක්‍රියා කළ බවත් හෙට දිනයේද ඒ වෙනුවෙන් සටන් කරන බවත් එම පාර්ශවයේ අදහස වී තිබේ.

