ඉරාජ්ගේ ප්‍රෝඩාවක් ගැන අනාවරණයක් !

ඉරාජ්ගේ ප්‍රෝඩාවක් ගැන අනාවරණයක් !

අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත Paypal මුල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට යම් ෆේස්බුක් පිටුවලට අදහස් පලකොට (Comment) උපකාරී වන්න යැයි සදහන් කරමින් ප්‍රසිද්ධ ගායක ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පලකොට ඇති අතර ඒ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

මේ බව සදහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

මුලාවට පත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් කිසිදු දැනුවත් භාවයකින් තොරව PayPal මුල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට එම පුද්ගලයා විසින් ඔහුගේ ෆේස්බුක් පොස්ටුවෙහි සදහන් කල ආකාරයට  කටයුතු කරමින් පවතින බවත් දක්නට ලැබෙන අතර ඔවුන් විසින් එසේ සිදුකරන ක්‍රියාවලිය මගින් PayPal මුල්‍ය සේවය ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට නොහැකිය. 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) වෙත ජනාධිපතිවරයා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කොට ඇති අතර PayPal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්ද යැයි සොයා බලා එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කිරීමට ඔවුන්ගේ සහ අනෙකුත් සම්බන්ධ පාර්ශව වල වගකීමකි. PayPal පෙන්වා ජනතාව මුලා කොට පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන ඉරාජ් වැනි පුද්ගලයන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න