බාර් ලයිෂන් චෝදනාවට එරෙහිව : තුසිත හල්ලොලුව නඩු මගට !

බාර් ලයිෂන් චෝදනාවට එරෙහිව : තුසිත හල්ලොලුව නඩු මගට !

සුපිරි වෙළඳ සැල් ජාලයකට මත්පැන් අලෙවි බලපත්‍ර 7 ක් (FL4 වර්ගයේ) ලබා දී තමා රුපියල් ලක්ෂ 3850 ක් අල්ලස් වශයෙන් ලබා ගත්තා යැයි සඳහන් අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජාතික පුවත්පතකට එරෙහිව රුපියල් මිලියන 1000 ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට හිටපු මුදල් ඇමති  මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ තුසිත හල්ලොලුව කටයුතු කර ඇත.

ඔහු ඊට අදාළ කටයුතු සිය නීතිඥ මහත්වරුන්ට බාර දී තිබේ.

තුසිත හල්ලොලුව මෙම කරුණු සඳහන් කර ඇත්තේ, එම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' ඔහුගෙන් කළ විමසීමකදීය.

මෙවැනි පුවතක් මීට දින කිහිපයකට පෙර ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් පළමුවරට ප්‍රචාරය කළ අතර එහි සඳහන් වූයේ ලක්ෂ 5500 ක් අල්ලස් ලෙස ලබා ගත් බවකි.

එවැනිම පුවතක් පෞද්ගලික රුපවාහිනී නාලිකාව විසින්ද ප්‍රචාරය කර තිබිණ.එකී රුපවාහිනී නාලිකාව සහ වෙබ් අඩවියට පමණක් නොව එකී අසත්‍ය පුවත ප්‍රචාරය කළ සියළුම මාධ්‍ය ආයතන වලට එරෙහි වන්දි ඉල්ලා නඩු දමන බවද තුසිත හල්ලොලුව ප්‍රකාශ කර තිබේ.

තමා යහපාලන ආණ්ඩුවේ පමණක් නොව ඊට පෙර තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ ද ඊටත් පෙර තිබූ චන්ද්‍රිකා ආණ්ඩුවේ ද ඇමැතිවරු රාශියකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රාජකාරී කර ඇති අතර ඒ කිසිදු අවස්ථාවක කිසිදු දූෂණයක යෙදී නැති බව පවසන තුසිත හල්ලොලුව, ඉහත මාධ්‍ය චෝදනා කරන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයක් කර තමා වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට පමුණුවන ලෙස අභියෝග කර සිටී.එසේ නොමැතිව කිසිදු සාක්ෂියක් පදනමක් නොමැතිව මිනිසුන්ට මඩ ගැසීමට තම මාධ්‍ය භාවිතා කරන සෑම සියළු දෙනාටම එරෙහිව තමා නීති මගින් ක්‍රියා කරන බවද තුසිත හල්ලොලුව අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න