රිෂාඩ් ආණ්ඩුවට යන කතාව මඩක් !

රිෂාඩ් ආණ්ඩුවට යන කතාව මඩක් !

තමා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් සමාජ මාධ්‍ය හරහා ගෙනයන ප්‍රචාරය මුළුමනින්ම පදනම් විරහිත බවත්, එවැන්නක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිඳු පුද්ගලයකු සමග සාකච්ජා කර නොමැති බවත් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අවධාරණය කර සිටියි.

ඉදිරි මාස කිහිපයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී තම පක්ෂය විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව යලි ආණ්ඩු බලය ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු පවසයි.

රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඔහු ආණ්ඩුවට එක්වීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් newstube.lk  කළ විමසීමකදීය.

''ජනාධිපති සමඟ පැවති සාකච්චා සාර්ථකයි බදුදීන් ආණ්ඩුවට'' යන ශීර්ෂයෙන් යුතුව මිට දින කිහිපයකට පෙර වාර්තා පලකළ එවැනි මාධ්‍යය, ඊයේ වාර්තා කර තිබිනේ 'ආණ්ඩුවට රිංගන බදියුදීන්ගේ උත්සාහයට ජනපති පයින් ගසයි!'' යනුවෙනි. 

එවැනි මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්  ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායකයා සිය FB පිටුවේ මෙවැනි සටහනක් ද පළකර තිබේ.

Rizad Post

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න