මහින්ද - ගෝඨා සීතල ගැටුමක් - මෛත්‍රීගේ අනාවරණයක් !

මහින්ද - ගෝඨා සීතල ගැටුමක් - මෛත්‍රීගේ අනාවරණයක් !
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටුමක් මේ වනවිටත් එළිපිටම මතුවී ඇති බවත්  ඒ හේතුවෙන් ආණ්ඩුවට වමට සිග්නල් දමා දකුණට යෑමට සිදුව ඇති බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන  ලේකම් ජනාධිපති නීතීඥ මෛත්‍රී  ගුණරත්න  සඳහන් කරයි. 
 
ඔහු මේ බව පවසා සිටියේ  ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
 
වර්තමාන ජනාධිපතිවරයා බලයට ඒමට පෙර විශාල පොරොන්දු සංඛ්‍යාවක්  ජනතාවට ලබාදුන් අතර අද ඒ සියල්ල කඩවූ පොරොන්දු බවට පත්වෙමින් තිබෙන බවද ඔහු  වැඩි දුරටත් ප්‍රකාශ  කර සිටියේය. 
 
තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
අද ජනාධිපතිවරයා එක පැත්තකට ගමන් කරමින් ඉන්නවා අගමැතිවරයා හා ඔහුගේ ආණ්ඩුව තවත් පැත්තකට ගමන් කරමින් ඉන්නවා. අද අගමැතිවරයා හැර ආණ්ඩුවේ ඇමතිවරු පත් කරන ආයතන ප්‍රධානියා හෙට උදේ වෙනකොට ජනාධිපතිවරයා ධූරයෙන් පහ කරනවා මේක ඇත්තටම විහිළුකාරී තත්වයක් විදියටයි අපිට පෙන්නේ.
 
මේ ආණ්ඩුව බලයට එන්න විශාල බොරු ප්‍රමාණයක්  සමාජයට හා ජනතාවට කිව්වා ඒ වගේම පසුගිය ආණ්ඩුව කරපු හොද දේ පවා බරපතල විදියට විවේචනය කෙරුවා නමුත් අද මේ ආණ්ඩුව පසුගිය රජය කරපු බොහෝ දේවල් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා පසුගිය ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන සියල්ලක්ම පාහේ මේ ආණ්ඩුව විසින් කප්පාදු කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව විපක්ෂයේ සිටීමත් ජාතීන් අතර වෛරසය පතුරවන ආකාරයට කටයුතු කරමින් ක්‍රියාත්මක වුනා  සාමාන්‍ය  මිනිසුන් පිළිබඳව පවා එකිනෙකා වෛරය මුසුව බලන තත්වයට සමාජයේ වෛරය වපුරන තැනකට තල්ලු කරමින් කටයුතු කෙරුවා.
 
 නමුත් අද වෙනකොට ඒ සියල්ල අමතක කරලා දාන්න හදනවා නමුත් ඔවුන් විසින් වපුරන ලද වෛරයේ බීජ තවමත් මේ පොළොවේ තිබෙනවා.
 
ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න මේ රටේ දේශපාලන බලවේග රාශියක් ඒ වගේම ජාතික සංවිධාන සහය දුන්නා නමුත් ඒ පිරිස් වලට අද අත්වී ඇති ඉරණම ඉතාම සෝචනීයයි. මේ ආණ්ඩුව අද  ගොවි ජනතාවට වෙච්චි පොරොන්දු කඩකරමින් ඉන්නවා. නොමිලේ පොහොර දෙන්න ආපු ආණ්ඩුව අද වෙනකොට ගොවීන්ට සල්ලි දීලා ගන්නවත් රටේ පොහොර නැහැ. තේ කර්මාන්තය දියුණු කරනවා කිව්වා අද තේ කර්මාන්තය කබලෙන් ලිපට වැටිලා නුදුරේදීම ඛනිජතෙල් මිල ඉහල යාමේ අවධානමක් තියෙනවා. එහෙම වුනොත් පාරිබෝගික භාණ්ඩවල මිලගණන් තවත් ඉහල යාවි. රජයේ සේවකයන්ගේ දීමනා කපනවා. කොටස් මිල වැටෙනවා ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳව කිසිඳු සැලැස්මක් නොමැති බවයි මේවගෙන් පෙන්න තියෙන්නේ. මේ ආණ්ඩුව හොදි පැකට් එක කඩල ඉක්මනටම ඇඟේ හලාගන්න ආණ්ඩුවක් කියල මට කියන්න පුළුවන්.
 
කිරිති දුනුවිල 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න