දප්පුලගේ වැඩ නීති විරෝධීයි : නීතිඥයන් විරෝධයේ !

දප්පුලගේ වැඩ නීති විරෝධීයි : නීතිඥයන් විරෝධයේ !

ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය  අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරාට විරෝධය පළ කිරීමට නීතීඥවරු කටයුතු කරමින් සිටිති.

ඒ අනුව නීතිපති දප්පුල ලිවේරාගේ ක්‍රියාව  නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24)  අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවත් ඔවුහු සඳහන් කළහ.  

මේ සම්බන්ධව මාධ්‍යවේදී ශාලික විමලසේන විසින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

Captureasd

ag undue 2

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න