ගෝඨාභය යළි එයි : ඇමරිකානු පුරවැසියෙක් නිසා දේශපාලනයට එන්න තාම අදහසක් නෑ කියයි

ගෝඨාභය යළි එයි : ඇමරිකානු පුරවැසියෙක් නිසා දේශපාලනයට එන්න තාම අදහසක් නෑ කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12දා) දින උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වෙයි.

මං ඇමරිකානු පුරවැසියෙක්

එහිදී ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට අදහසක් ඇතිද යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදී ගෝඨාභය මහතා සඳහන් කර ඇත්තේ තමාට දේශපාලනයට පිවිසිමට තවම අදහසක් නොමැති බවත් තමන් ඇමරිකානු පුරවැසියෙක් බවත් එමනිසා මෙරට අග්‍රාමාත්‍යධූරය වැන්නක් ලැබීමට නොහැකි බවත් ය.

එසේම පසුගිය සමයේ පළවූ බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව රැවටුනත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයක් යළි අවශ්‍ය බව මෙවර ඡන්ද විමසීමේදී ජනතාව ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

එළියත් එක්ක දිගටම වැඩ

මේ අතර එළිය සංවිධානය සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ දිගටම තම සංවිධානය සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් වන විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න