ජනපති - අගමැති හමුවේ තීරණ මෙන්න : යන අය යන්න - ආණ්ඩුව ස්ථාවරයි -රැඩිකල් තීන්දු කිහිපයකට එකඟතා

ජනපති - අගමැති හමුවේ තීරණ මෙන්න : යන අය යන්න - ආණ්ඩුව ස්ථාවරයි -රැඩිකල් තීන්දු කිහිපයකට එකඟතා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (11) පස්වරු 6.30 ට පමණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී වැදගත් තීන්දු කිහිපයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

එජාප - ශ්‍රීලනිප ආණ්ඩුව දිගටම

ඒ අනුව පලාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ ලෙසම පවත්වාගෙන යාමට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් අතර එකඟතාවක් ඇතිවී ඇත.

ආණ්ඩුවෙන් යන ඕන කෙනෙකුට යන්න පුළුවන්

වාර්තා වන ආකාරයට පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් යහපාලන සම්මුති ආණ්ඩුව අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඔවුන් අතර එකඟතාවක් ඇතිව තිබෙන අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය යහපාලනයට එරෙහිව ඇති බව නිර්ණය කරනු ලබන ශ්‍රීලනිප ඇමතිවරුන් හට රජයෙන් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනපති මෛත්‍රී සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

එසේම ඔවුන් රජයෙන් ඉවත්ව ගියද එජාප – ශ්‍රීලනිප සම්මුතිවාදී රජය එලෙසම පවත්වාගෙන යන බවද දැනුම් දී ඇත.

එජාප - ශ්‍රීලනිප හවුලේ පුංචි ආණ්ඩු 100ක්

බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රතිශතය ගත්කල යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පැවතීමත්, මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 වඩා සපේක්ෂ අඩුවීමත් යන කරුණු හේතුකොට ගෙන රජය කෙරෙහි ඇති ජනපදනම නොඅඩුව පැවතීම විශ්ලේෂණය කොට ඇති අතර, පලාත් පාලන ආයතන 100 ක් පමණ ශ්‍රීලනිප සහ එජාප එකඟතාව මත බලය පිහිටුවීමට කටයුතු කරන බවද සඳහන් කොට ඇත.

තවද, ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ රැසක් ගෙන ඒමට ද්වීපාර්ශ්වික එකඟතාවකට ඊයේ (11) පැමිණ ඇති බව තොරතුරු අනාවරණය වන අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට සහ කැබිනට් සංශෝධනයක් සම්බන්ධවත් ඉදිරි දින කිහිපය තුළ පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න