මහින්දගේ සිහිනය ඉටුවෙන්නේ නැහැ -රාජිත

මහින්දගේ සිහිනය ඉටුවෙන්නේ නැහැ -රාජිත

පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැති බවත් හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍යවරයා, එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද අවධාරණය කර සිටියි.

ඇමතිවරයා විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

මහින්දගේ ඡන්ද ප්‍රතිශතයට අඩු වෙලා :

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කරයි.

එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ranil wickramasinghe and maithripala sirisena 640x400 'අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නැහැ ''

 සිය නිවේදනය මගින් වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා,

“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.

2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා අද (11) දින මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. බේරුවල ආසනයේ පරාජයත් සමග මම සොයාගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා.

ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම 2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න