මීළග මහ මැතිවරණය තරග කිරීම සදහා ජන්ද ලකුණ පොහොට්ටුව නම් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති සිරිසේන යෝජිත සන්ධානයේ සම නායකත්වය දරුණු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරන ආකාරයට අදාල සන්ධානයේ නම ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යෝජනා ස්ථිරව ඇත.
ඒ අනුව වෙනස් වීමට නියමිත වන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නමය.ඇමති නිමල් සිරිපාලද සිල්වා පවසන්නේ නව ව්‍යවස්තාව අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%ක්, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට 30%ක් හා සෙසු පක්‍ෂවලට ඉතිරියද ලෙස නියෝජන බලය බෙදී යන බවයි.
එමෙන්ම නව සන්ධානයේ නව නායකයන් ලෙස මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන පත් කරන බව ඔහුද පවසයි.එසේම නව සන්ධානයේ ලකුණ ගැන මෙතෙන් තීන්දුවක් නැති බවත් එය ඉදිරියේදී තීරණය කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ඉදිරි මැතිවරණයේදී ‘පොහොට්ටුව’ ලකුණ කිසිසේත්ම වෙනස් නොකරන බවය.

