ඇමැති බන්දුල  ඉන්ධන මිල සූත්‍රයේ ගුණ ගැයීම සැකයි !

ඇමැති බන්දුල  ඉන්ධන මිල සූත්‍රයේ ගුණ ගැයීම සැකයි !

ඉන්ධන මිල සූත්‍රය ජනතාවට අහිතකර බව එදා විපක්ෂයේ සිටියදී කියූ වත්මන් ආණ්ඩුව අද එහි ගුණ ගයමින් සිටින්නේ මිල සූත්‍රය ට මුවාවී ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමේ සූදානමකින් විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

පසුගිය 30 වනදා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරන අතර ඉන්ධන මිල සහ ගෑස් මිල ඉහළ දමා එය මිල සූත්‍රය හඳුන්වා දීම නිසා සිදුවූ බව පෙන්වා එහි වගකීම හිටපු ආණ්ඩුව වෙත පැටවීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

වැට් ඇතුළු බදු වර්ග කිහිපයක් නිසි ආර්ථික දැක්මක් නොමැතිව අඩු කිරීම හේතුවෙන් ආණ්ඩුවේ ආදායම් සම්බන්ධව බරපතල තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් අවධාරණය කර දක්වයි.

බන්දුලගේ ප්‍රකාශය !

පසුගිය 30 වනදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේඉන්ධන මිල සූත්‍රය හොඳමුත් එය සකස් කළ ක්‍රමවේදය පිළිබඳ ජනතාවගෙන් පැමිණි විරෝධය නිසා එය අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  කටයුතු කළ නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 12ක පාඩුවක් ලබා ඇති බවය.

“ඒ ක්‍රමවේදය පිළිබඳ විශාල විරෝධයක් ජනතාවගේ තිබුණු නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටෙව්වා. අත්හිටුවීම කරණකොට ගෙන මේ වනවිට අලෙවි කරන සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 9ක් ඛනිජ තෙල් සංස්ථාවට අලාභයි, පාඩුයි. අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 12ක් අලාභයි, පාඩුයි. සුපිරි ඩීසල්වලින් නම් අලාභය රුපියල් 5යි.

මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවට මිල සූත්‍රය අනුව ගලපපු නැති නිසා ඇතිවෙලා තියෙන අලාභය පමණක් රුපියල් බිලියන 12යි. මේ බිලියන 12 අලාභය පියවා ගත්තෙ නැත්තම් ඒ අලාභය දරන්න වෙන්නෙ මේ රටේ ජනතාවට” යනුවෙන් ද ඔහු එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න