රන් ජාවාරම යළිත් හිස ඔසවයි ?

රන් ජාවාරම යළිත් හිස ඔසවයි ?

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  කුදිර‍මලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ පසුගිය 29 වනදාය.

කුදිර‍මලේ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම රත්‍රං බිස්කට් 41 ක ප්‍රමාණය සොයාගෙන ඇති අතර රත්‍රං කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග ඉන්දියානු ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ජාතික සැකකරුවන් වසය අවුරුදු 30, 35, 36 සහ 50 වන වියෙහි පසුවන බව හඳුනාගෙන ඇත. තවද, රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද යාත්‍රාවද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණය සහ සැකකරුවන් සිව්දෙනා (04) සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන විවිධ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නිරන්තර අවධානයෙන්  කටයුතු කරන නාවික හමුදාව විසින්  2019 වර්ෂයේදී රත්‍රං කිලෝ 11 ග්‍රෑම් 695 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

{gallery}ran{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න