ඇප අහිමි කරවීමේ කුමන්ත්‍රණයක් ගැන : රාජිතගෙන් කතානායකට පැමිණිල්ලක් !

ඇප අහිමි කරවීමේ කුමන්ත්‍රණයක් ගැන : රාජිතගෙන් කතානායකට පැමිණිල්ලක් !
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව මේ වන විටත් තමන්ට හිමිව ඇති ඇප අවලංගු කරවීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් කතානායක කරූ ජයසූරිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
 
පැමිණිල්ලට අදාල පුවත වන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 22784/01/19 නඩුවේ දැනටමත් බන්ධනාගාර ගතකර සිටින  පළමු සහ දෙවන සැකකරුවන් වෙත මන්ත්‍රීවරයා විසින් තවත් රැඳවියකු යොදවා මරණ තර්ජනය කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කිරීමය.
 
අදාල නඩුව විභාගයට ගැනුණු දිනයේ සිට තමන් එම කිසිදු සැකකරුවකු සමග කිසිම සම්බන්ධයක් පවත්වා නොමැති බවත් එවැනි පසුබිමක මෙසේ කුමන්ත්‍රණ ආකාරයට පුවත් ප්‍රචාරය කිරීම තම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් බවත් ඒ පිලිබඳ ස්ථාවර නියෝග අනූව කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරයා කතානායක වෙත සිදුකළ පැමිණිල්ල හරහා ඉල්ලා ඇත.
 
වාර්තා වන ආකාරයට මෙම නඩුව පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ සුදුවෑන් රියදුරන් බව කියා පැවැත්වූ මාධ්‍ය හමුවට සම්බන්ධය. එහිදී මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ වන විටත් නඩුවේ 1සහ 2 වන සැකකරුවන් වෙත තර්ජනය කරවා තිබූ බවය.
 
එසේම මේ වන විට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇප ලබා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට එරෙහිව විරෝධතා ගොනුකිරීමෙන් පසුව නොතීසි නිකුත්කර ඇත. ඊට අදාලව මන්ත්‍රීවරයාගේ පාර්ශවය පෙබරවාරි මාසයේ විරෝධතා ගොනු කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න