වියත්මග - එළිය සාමාජිකයන්ට : නාමයෝජනා ලැබෙන්නේ මෙහෙමයි !

වියත්මග - එළිය සාමාජිකයන්ට : නාමයෝජනා ලැබෙන්නේ මෙහෙමයි !

ඉදිරි මහ මැතිවරණයේදී 'වියත්මග' හෝ 'එළිය' සංවිධානවලට නාමයෝජනා ලබා නොදෙන බවත්, එම සංවිධානවල සාමාජිකයින්ට ඕනෑ නම් දැනට පවතින සන්ධානයේ සාමාජික පක්ෂයකින් නාමයෝජනා ලබාගත යුතු බවත් ආණ්ඩුවේ පක්ෂයක නායකයෙක් උපුටා දක්වමින් 'අනිද්දා' පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කර තිබේ.ජනවාරි 28 වැනිදා එම සන්ධානයේ පක්ෂ නායකත්වයන්ගේ රැස්වීම පැවති බවත්, එම රැස්වීමේදී ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුවලට නම් ඇතුළත් කිරීම පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂ නායකයා එසේ සඳහන් කර ඇත.

එම පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා සකස් කිරීමේදී, අවසාන ලැයිස්තු පිළිබඳව තීරණ ගන්නේ සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයන් එක්ව, කමිටුවක් ලෙස ක්‍රියා කරමින්  බව ඔහු කීය. එක් එක් දිස්ත්‍රික්කවලින් ඒ ඒ පක්ෂවලට ලබාදෙන නාමයෝජනා පිළිබඳව එහිදී කතාකරන බව ඔහු කීය.

එහිදී නාමයෝජනා ලබාදෙන්නේ සන්ධානයේ සාමාජික පක්ෂවලට පමණක් බවත්, ඊට පිටින් ඇති සංවිධානවලට නාමයෝජනා ලබා නොදෙන බවත් ඔහු කීය. 

ඔහු එසේ කීවේ වියත්මග සාමාජිකයන්ට නාමයෝජනා ලබාදෙන්නේ කෙසේදැයි අප කළ විමසීමේදීය. 

සන්ධානයේ සාමාජික පක්ෂයක සාමාජිකත්වය දැනට නැති පුද්ගලයෙකු නාමයෝජනා ලබා ගන්නට කැමැත්තක් දක්වන්නේ නම්, සන්ධානයේ සාමාජික පක්ෂයක් සමඟ එකඟ වී එම පක්ෂයට ලැබෙන අවස්ථාව මත නාමයෝජනා ලබාගත යුතු බව ඔහු කීය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න