ලකුණ ප්‍රශ්නයක් නෑ : බැසිල්ගේ ගුණ වයමින් සිරිපාල කියයි !

ලකුණ ප්‍රශ්නයක් නෑ : බැසිල්ගේ ගුණ වයමින් සිරිපාල කියයි !
ලකුණ සම්බන්ධව ප්‍රශ්නයක් නොමැති බවත් තම පාර්ශවය අපේක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේග එකතුකොට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රත්සංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මෙම අදහස් පළ කලේ මහියංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක දී අදහස් දක්වමිණි. 

එහිදී සන්ධාන ගතවීම අවශ්‍ය බව කියූ නිසා බැසිල් රාජපක්ෂ වෙත ස්තූතිය පුදකරන බවත් පැවසීය.

තවදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය. 

දැනට තිබෙන දේශපාලන මැතිවරණය අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා, අතෙන් එනවාද , පුටුවෙන් එනවාද , පොහොට්ටුවෙන් එනවාද කියලා අහනවා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා  එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. 

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සදහන් කරලා තිබුණා, සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා . ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ ඉහල දේශපාලන නායකත්වය විසින් ඔබ සියළු දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා යැයිද  අමාත්‍යවරයා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා විශිෂ්ඨ නායකයෙක් වශයෙන් මේ රට විනය ගරුක රටක් බවට පත් කරන්න හැකි වාතාවරණයක් නිරිමාණය කරලා තියෙනවා. එතුමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඉතා ප්‍රශස්ත  මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. එතුමා තමන්ගේ නම් තැන් තැන්වල ලිවුවේ නැහැ. පොස්ටර් ගැහුවේ නැහැ. අපිත් ඒ ආදර්ශය අනුව වැඩ කරන්න ඕන. මමත් මෙවර පොස්ටර් ගහන්නේ නැහැ. දැන් ගෝඨාහය රාජපකුෂ මැතිතුමා පත්වෙලා ඉතා කෙටි කාලයයි. එතුමා ජනතාවට සහන රාශියක් දුන්නා. මෙරට නිෂ්පාදනය කරනු ලබන අල, බඩ ඉරිඟු, කව්පි මුං ඇට වැනි දේවල් පිටරටින් ගෙන්වන එක තහනම් කලා. එහෙම කළේ ගොවි ජනතාවගේ අර්ථිකය ශක්තිමත් කරන්නයි.  ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා හොද වෙළඳපොලක් ලබා දීමටයි.

 ඒ නිසා ඉදිරියේ දී තවත් ජනතා හිතවාදී සහන රාශියක් ලබා දීමට නියමිත බවත් ආර්ථිකය ශක්තිමත් කර රටේ දැවැන් සංවර්ධනයක් කරා වත්මන් රජය ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න