රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඩපට ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කලින් වාර්තා වී තිබුණේ රාමනායක මන්ත්‍රීවරයා ලබා දී ඇති හඩපටවල දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සමග කරන ලද සංවාදයක තොරතුරුද ඇතුළත්ව තිබූ බවකි.
ඒ අනුව දයාසිරි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ අදාළ හඩපට පැරණි එකක් බවත්, එය වත්මන් කාලසීමාවට අදාළ නොවන නිසා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසත්ය.
(මූලාශ්‍රය - මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
