Language Switcher

V2025

මේ මල් මිට ගෝඨා ස ට ! (වීඩියෝ )

මේ දිනවල සමාජ මාධ්‍ය අතර වැඩි අවධානයක් දිනාගෙන ඇත්තේ සයින්දමර්දු නගර සභාව පිහිටුවීමය. 

පසුගිය ජනාධිපතිවරණ සමයේ දි සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එවකට විපක්ෂ නායකවරයා වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ එම ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බවට පොරොන්දු විය.

ඒ අනුව මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තිය යටතේ ඇති බලතල අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ගැසට් නිවේදනයක් මගින් සයින්දමරුදු නගර සභාව ප්‍රකාශයට පත් කර ඇත. කෙසේවුවද ආණ්ඩුවට එරෙහිව විවේචන ඉදිරිපත් කරන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා එම කාරණය ජාතිවාදී කෝණයෙන් විග්‍රහ කරන තත්වයක් පෙනෙන්නට ඇත.

තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්  'කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මේ තත්ත්වය සම්බන්ධව වැදගත් අවධාරණයක් සිදුකර ඇත. ඒ මෙසේය.

''බුකියේ උඩ පල්ලෙහා යනකොට බොහෝ පොහොට්ටු විරෝධීන් සයින්දමරුදු නගර සභාව පිහිටුවීම ගැන දක්වන උනන්ඳුව හා දාන පෝස්ට් යට ඇත්තේ පොහොට්ටුවාදීන්ට උසුලු විසුලු කිරීම බව පෙන්නෙන්නට තිබුනත්, එය ඉතා ඉක්මනින් ජාතිවාදී ස්වරූපයකට විතැන්වීමට ඉඩ ඇත.

"ඒ කතාව ඇත්තය.  ඇතැමුන් මේ ගැන ප්‍රශ්න කරන්නේ රාජපක්ෂවාදීන්ගේ දෙබිඩි ස්ථාවරය හාස්‍යට ලක්කරමින්ය.

රාජපක්ෂ ආණ්ඩුවක් නොමැති පසුබිමක මෙවැන්නක් සිදුවූවා නම් ඔවුන් කරන්නේ කුමක්ද යන්නය. එහිදී ඔවුන්  පසුගිය සමයේ ඊනියා දේශප්‍රේමීන් දියත්කල මාරාන්තික උපවාස වල සිට ජනතාව ඇන්දීම උදෙසාම සිදුකළ විවිධ නාඩගම් සිහිපත් කරයි.

අනෙක් පසින් ජඩමාධ්‍ය මෙලෝ හසරක් නොදන්නා සුදු ඇඳගත් දෝදු සේනලාට මයික් අල්ලා සිදුකළ රට ජාතිය බේරාගැනීමේ විකාර වික්‍රමාන්විතද හාස්‍යට ලක්කෙරෙමින් ඇත.මේ සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චමල් අකලංක පවසන්නේ, "අපි කැමති දේවල් අපි ඡන්දෙ දුන්න එකාම කරන්න ඕනෙ නෑ. කොහෙන් හරි වෙනවනං හොඳයි." කියාය.

ඒ කතාවත් ඇත්තය. පසුගිය ආණ්ඩු සමයේ සයින්දමර්දු වල නගර සභාවක් පිහිටුවීමේ සූදානමක් ගැන ප්‍රචාරය වූ අවස්ථාවේ ජඩමාධ්‍ය රට ගිනි නොතබා සිටියේ අවසාන මොහොතේ එය ආණ්ඩුව හකුලා ගත් නිසාය.

ඊනියා දේශප්‍රේමී වොයිස් කට් මාෆියාව ඒ නිසා කටවල් වහගනු ලැබිණ. එහෙත් පසුගිය වැලන්ටයින් දිනයේ සයින්දමර්දු නගර සභාවට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වන විට එවැනි මාරාන්තික දර්ශන පෙනුණේ නැත.එදා සිංහල බෞද්ධ ජන පදනම තුළ අනියත බියක්, සැකයක් ඇති කිරීමට ලබාදුන් දායකත්වය අද තිබුණේ නැත. පාස්කු ප්‍රහාරයට පෙර සිට මෙන්ම එයින් පසුවත් ජාතිවාදය වපුරා බලය ගත්ත පවුල් පාලනය සහ ජඩමාධ්‍ය වල සම්බන්ධව දැන් ජනතාවට අදහසක් ගත හැකිය. එහෙත් එසේ කියා අපේ කතාව අවසන් වන්නේ නැත.

මේ හමුවේ අපේ ස්ථාවරය වන්නේ කවුරු  කොයි කඳවුරෙන් ආවත් ජාතිවාදය උසිගැන්වීමට අපි කොන්දේසි විරහිතව විරුද්ධ බවය. රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීමට අදාළව ජනතාවට ඊට සමීප වීමට හැකියාව ලැබීම අතින් කුඩාම ඒකකය දක්වා බලය බෙදීයාම වැදගත් බවය. ඒ පදනමින්  විශේෂයෙන් ජාතිකත්ව අතර  ජාතික සංහිඳියාව, ස්ථාවර සාමයක් වෙනුවෙන් තවදුරටත් කේන්ද්‍රයේ බලය විමධ්‍යගත කල යුතු බවය. එහිදී උතුරේ දකුණේ හෝ නැගෙනහිර , මධ්‍යම කියා වෙනසක් තිබිය යුතු නැත. ජාතිකත්ව හෝ ආගාම්වාදී පදනමක් අවශ්‍ය නැත.

කවුරුත් එකම රටේ පුරවැසියන් බව සැළකීම එකම නිර්ණායකය වීම හොඳටම ප්‍රමාණවත් බවය.දේශපාලන මත සම්බන්ධව ගැටීම වැදගත්ය. ප්‍රතිපත්ති ගැන වාද විවාද කිරීම වැදගත්ය. දහසක් දියුණු මත ගැටී දහසක් මල් පිපෙන බිමක් මේ රටට අවශ්‍යය. ඒ ගැන වාදයක් නැත.

එහෙත් මේ රටේ සහෝදර වැසියන් ත්‍රස්තවාදීන් බව කියන,  ඔවුන්ගේ විශ්වාස පද්ධති උඩ ඩෙඟා නටන, ඔවුන්ව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවෙන් විසිකරන, සහෝදර ප්‍රජාව දෙවැනි ගණයේ පුරවැසියන් කිරීමට දරන  ජාතිවාදී  ආගම්වාදී මජර කුණු දේශපාලනය, ඒ ජීවන වෘත්තීය අත්හරින්න. ලීඩර් අපේ අවධාරණය ඒකය.