කබ්රාල් අත්හැර අර්ජුන්ගෙන් පටන් ගන්න : ජවිපෙන් ආණ්ඩුවට සහනයක් !

කබ්රාල් අත්හැර අර්ජුන්ගෙන් පටන් ගන්න : ජවිපෙන් ආණ්ඩුවට සහනයක් !

වෝහාරික විගණන වාර්තාවෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ආණ්ඩුව සිතනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයට අදාළව බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ ආරම්භ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්ය.

එම පරීක්ෂණය සිදුකළ හැකි බවත් ඊට අදාළ සාක්ෂි තමන් සභාපතිත්වය දැරූ කෝප් කමිටු විමර්ශනයේ මෙන්ම ඩීව්. ගුණසේකර සභාපතිත්වය දැරූ කෝප් කමිටු විමර්ශනයේ සහ ජනාධිපති කොමිෂන් වාර්තාවේද ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම වෝහාරික විගණන වාර්තාවේ කිසිඳු තැනක තම සාක්ෂි ප්‍රතික්ෂේප කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන් අතර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අවස්ථාවේ ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ සාමාගම්, පුද්ගලයන් ගැනත් එහිදී නම් ගම් සහිතව පැවසීමට මන්ත්‍රීවරයා කටයුතු කළේය.

ඒ අනුව වෝහාරික විගණන වාර්තාවෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි සිතනවා නම් ලෙස හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් කරුණුය.

මහ බැංකුවේ එවකට අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් තම ඥාතීන් සිටින සමාගම් සමඟ ගනුදෙනු පවත්වා ඇති ආකාරය ගැන පැහැදිළිව වෝහාරික විගණන වාර්තාවේ පැහැදිළිව දක්වා ඇත. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න