සිරිසේනගේ සභාපති ධූරය නමට විතරයි : කිසිම බලයක් නෑ !

සිරිසේනගේ සභාපති ධූරය නමට විතරයි : කිසිම බලයක් නෑ !

'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' එළැඹෙන මහ මැතිවරණයේදී 'පොහොට්ටුව' ලකුණින් තරග වැදුනද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව ලකුණ අහිමි නොවන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 එළඹෙන මහ මැතිවරණය සඳහා ආණ්ඩු පාර්ශවය නාම යෝජනා ලබාදීමට රාජපක්ෂවරුන් තීන්දු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් වීම ඊට හේතුවී තිබේ.

පොදුජන පෙරමුණ ආරංචිමාර්ග පවසන්නේ වෙනත් කිසිඳු ලකුණක් යටතේ තරග කිරීමට කිසිඳු ඉඩක් නොමැති බවත් වෙනත් පක්ෂයක නායකයකුට පොදුජන පෙරමුණේ තනතුරක් දැරීමටද නොහැකි බවය.

ඒ අනුව හිටපු ජනාධිපතිට පොදුජන පෙරමුණ තුළ කිසිඳු තනතුරක් නොදෙන බවත් එනිසා නාමික සන්ධානයක් තුළ සභාපති ධුරයක් දීම මිස බලයක් නොමැති නිසා කිසිඳු ගැටළුවක් නොමැති බවත් එම ආරංචිමාර්ග පවසයි.

අද (19) උදැසන 'නෙත් නිව්ස්'ද  වාර්තා කර සිටියේ  මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් පක්ෂ 10 ක් එක්ව ගොඩනගන්නේ නාමික සන්ධානයක් බවය.

ඒ අනුව නාමයෝජනා භාරදෙන පක්ෂයට එහි ලකුණ ඉදිරි ඕනෑම මැතිවරණයකට භාවිත කළ හැකි බව එම පුවත් වාර්තාව මගින් පැහැදිලි කරයි.

මහ ජන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් වෙන්නේ නෑ !

මේ අතර මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ, මහ මැතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිඳු දේශපාලන පක්ෂයක ලාංඡන වෙනස් නොකරන බවයි. 

දේශපාලන පක්ෂයක ඉල්ලීම මත අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කර එම පක්ෂයට වෙනත් ලාංඡනයක් ලබාදිය හැකි නමුත් එවැන්නක් කළ හැක්කේ ඡන්දය ප්‍රකාශයට පත්කළ පසුව පමණක් බවද මැතිවරණ කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

දේශපාලන පක්ෂයකට ලබාගත හැක්කේ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් ලාංඡන ලැයිස්තුවේ ඇති දැනට වෙනත් පක්ෂයකට ලබාදී නැති ලාංඡන පමණක් බවද ඔහු කීය.

මීට අමතරව දැනටමත් දේශපාලන පක්ෂයකට අයත් ලාංඡනයක් එම විපක්ෂය විසින් අතහරින්නේ නම් එම ලාංඡනය වෙනත් දේශපාලන පක්ෂයකට ලබාදීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

ආණ්ඩු හිතවාදී පෞද්ගලික මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත්කරන "ද මෝර්නින්" පුවත්පතේ කාටූනය තුළ බලයක් නොමැති හිටපු ජනාධිපති සිරිසේනගේ අලුත් තනතුර හාස්‍යට ලක්කර තිබුනේ මේ ආකාරයටය.

cartoon themorning.lk 18 02 2020

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න