Language Switcher

V2025

පෝර්ට් සිටියේ "වෛරස්" දෙකක් : ජනාධිපති කාර්යාලයටත් පැමිණිලි ගොඩක් !

වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස  නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කර ඇති බිමල් ගෝ‌නදූවට ඉදිකිරීම් භාර චීන සමාගම කෙනහිලිකම් කරන අතර    නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත්කර ඇති පියුෂා ගුණසේකරට විශේෂ සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වරාය නගර ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පියුෂා ගුණසේකර ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවට වඩා ඉදිකිරීම් සිදුකරන චීන සමාගමේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම මෙම විශේෂ සැළකිල්ලට හේතුවී ඇති බවත් ලැබී ඇති පැමිණිලිවල සඳහන්ය.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි වරාය නගර ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පියුෂා ගුණසේකර පමණක් නොව  නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජා ද චීන සමාගමට වැඩි සැලකිල්ලක් දක්වන බවත් අමාත්‍යංශයේ ඉහලම නිලධාරියකුගේ සහය ද ඔවුන්ට ලැබී ඇති බවත් අදාළ පැමිණිලි වල සඳහන්ව ඇත.

මෙහි අනාවරණය වී ඇති තවත්  විශේෂම කාරණයක් ලෙස වාර්තා වන්නේ පසුගිය ආණ්ඩු සමයේදී හිටපු අමාත්‍ය චම්පික රණවකගේ සමකාලීන සරසවි මිතුරියක ලෙස අමාත්‍යාංශයට එක්ව අමාත්‍යවරයාගේ සමීපතම නිලධාරිනියක ලෙස කටයුතු කළ අංජලී දේවරාජා මේ වනවිට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ද බැන වදිමින් ආණ්ඩුවේ සමීපතම හිතවතියක ලෙස පෙනී සිටීමය. ඉංජිනේරුවරියක වන ඇය, 
මෙම නිලධාරිනියන් දෙදෙනා එක්ව වත්මන් ව්‍යාපති අධ්‍යක්ෂවරයාගේ වගකීම්වලින් ඔහුව සූක්ෂම ලෙස ඉවත් කරමින් සිටින බවද ජනාධිපති කාර්යාලයට ලැබී ඇති පැමිණිලිවල සඳහන්ව ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමත් සමඟ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව ඒ වන විට වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කර සිටි නිහාල් ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත්කර ඇති බවත් ඒ ඔහුද අදාළ චීන සමාගමේ ඉත්තෙකු ලෙස ක්‍රියාකිරීම නිසා බවත් වැඩිදුරටත් ලැබෙන තොරතුරු සඳහන් කරයි. බිමල් ගෝනදූව වරාය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කර ඇත්තේද ඒ අනුවය.

එහෙත් නිහාල් ප්‍රනාන්දු වරාය නගර ව්‍යාපෘතියෙන් ඉවත්කරනු ලැබුවත් ඉදිකිරීම් සිදුකරන චීන සමාගම සමඟ සම්බන්ධය හේතුවෙන් ඔහුව 
අදාළ  චීන සමාගමේ උපදේශකයකු ලෙස බඳවා ගැනීමට පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) උත්සාහ දරා ඇත. නමුත් එය ව්‍යාර්ථ වී ඇත්තේ ආණ්ඩු පාර්ශවය ඊට එකඟතාව දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති නිසාය.

එසේම ඉදිකිරීම් සිදුකරන චීන සමාගම සිදුකරන ගොඩකිරීම් සහ ඉදිකිරීම් වල දුර්වලතා වසං කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ හා අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවත් ජනාධිපති කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බවටද වාර්තා වෙයි.