Language Switcher

V2025

සීදුව කඩොල් කැලේ ගින්න ගැන විවාදයක් !

සීදුව, පිලපිටිය කුඹුර ආසන්නයේ ඝන අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ වන විට ගින්න නිවා දමා ඇති බව බලධාරීන් පැවසුව ද, සීදුව සිට ගණේමුල්ල දක්වා අහසේ දුමාරය තැන්පත් වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

සීදුව, පිලපිටිය කුඹුර ආසන්නයේ ඝන අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ වන විට ගින්න නිවා දමා ඇති බව බලධාරීන් පැවසුව ද, සීදුව සිට ගණේමුල්ල දක්වා අහසේ දුමාරය තැන්පත් වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

muthuraja

පරිසරවේදීන් චෝදනා කරන්නේ, මෙම ස්ථානය මුතුරාජවෙල රක්ෂිත අභය භූමියට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති බවය.

 110984381 50958bd1 17bd 40d0 9608 246c5dd169fd

 110984383 31bb1297 fadc 42c1 9d02 574cca32563b

 110984387 f3ca1b4d d7cd 4007 8db9 3cc52d54ade4

සීදුව නගරාධිපතිගේ ප්‍රතිචාරය

කෙසේ වෙතත්, සීදුව නගරාධිපති සරත් පීරිස් පරිසරවේදීන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සීදුව නගරාධිපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඝන අපද්‍රව්‍ය බැහැර කරන 'පිලපිටිය කුඹුර' නමැති ස්ථානය මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන බවය.

"මුතුරාජවෙල රක්ෂිතය කියන්නෙ මොකක් ද කියල පරිසරවේදියො දන්නේ නෑ. මේ ඉඩමට කියන්නෙ පිලපිටිය කුඹුර කියල. සීදුව නගර සභාව අවුරුදු 20ක ඉදන් කුණු දැම්මෙ මෙතනට. මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණ එකක්. අක්කර 50කට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම යටතේ එල් ආර් සී එක යටතට පත්වුණ ඉඩමක් මේක."

ඔහු පැවසුවේ, ඉවත ලන වයර්වල කම්බි ලබා ගැනීම සදහා ඇතැමුන් මෙම කුණු කන්ද ආශ්‍රිතව ගිනි තැබීම් සිදු කරන අතර "මේ පාරත් කවුරුහරි ගිනි තියල තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ කරන්න දෙයක් නෑ," නගරාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, මෙම ගිනි තැබීම හරහා "මුතුරාජවෙල ඉඩම් කොල්ලයකට අවැසි ඉඩකඩ සකසාගෙන ඇති," බවට ඇතැමුන් සමාජ මාධ්‍යවල අදහස් පළ කර තිබිණි.

 110982715 4d042b76 c086 4c47 a5cc 19f34ba74f42

පරිසරවේදීන් දක්වන අදහස්
බ්‍රහස්පතින්දා (20.02.2020) මෙම ගිනි ගැනීම ඡායාරූපයට නගා තිබූ පරිසරවේදියෙකු වන දිනූෂ නානායක්කාර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, "මුතුරාජවෙල රක්ෂිතයට බලපෑම් කරන සීදුව නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන 11ට එරෙහිව නඩු පවරා ඇති," බවය.

මේ ප්‍රදේශය මුතුරාජවෙල රක්ෂිතයට අයිති බව අපට වාර්තා වෙලා තියෙනවා. මේ ස්ථානයට කසළ දාන්න එපා කියලා අපි අවස්ථා ගණනාවකදී විරෝධය පළ කරල තියෙනවා.
පරිසරවේදී නයනක රන්වැල්ල
"මේ කුණු බැහැර කරන්නෙ කඩොලාන කැළයක් සුද්ද කරල. ඒක අවුරුදු ගාණක ඉදන් සිද්ධ වෙනවා. මුතුරාජවෙල රක්ෂිතයේ වඩාත් ම සංවේදී කඩොලාන කලාපය මේ සීදුව ආසන්නයේ තියෙන උතුරු කලාපය. මේක සශ්‍රීක කඩොලාන කලාපයක්. මේ කුණුවලින් ශ්‍රාවය වන විෂ සහිත යුෂ මිශ්‍ර වෙනවා මීගමුව කලපුවට. ඒකෙන් මතස්‍ය සම්පතට වගේ ම කඩොලාන සම්පතටත් විශාල හානියක් වෙනවා."

"පරිසරවේදීන් විදිහට අපි ජීවිතේ ම කැප කරලා තියෙන්නේ පරිසරය වෙනුවෙන්. අපට පරිසරය ආරක්ෂා කර ගන්න වෙලා තියෙන්නේ රජයෙන්, රාජ්‍ය ආයතනවලින් සහ දේශපාලකයින්ගෙන්. ඒක ඉතා ම කණගාටුදායක තත්ත්වයක්." දිනූෂ නානායක්කාර වැඩිදුරටත් පැවසීය.

පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගින්න හේතුවෙන් කඩොලාන වනාන්තරයට හානි සිදුව ඇතැයි වාර්තා වූ බවය.

"මේ ප්‍රදේශය මුතුරාජවෙල රක්ෂිතයට අයිති බව අපට වාර්තා වෙලා තියෙනවා. මේ ස්ථානයට කසළ දාන්න එපා කියලා අපි අවස්ථා ගණනාවකදී විරෝධය පළ කරල තියෙනවා."

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක ද සම්බන්ධ කර ගැනීමට හැකි විය. පසුගිය දා මීගමුව ප්‍රදේශයේ කඩොලාන වනාන්තරයකට හානි කිරීමට එරෙහිව ද ඇය පෙනී සිටියාය.

 110982717 e99d24c5 e9eb 413c 9827 c7e5b47be733දේවානි ජයතිලක

ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ගම්පහ දිසා වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පිටත් කළ බවය.

"කඩොල් කැළේ කියල තැනක තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. මේක මුතුරාජවෙලට අයිති නෑ කියල කියනව. ඒත් ව්‍යාජ ඔප්පු හදල අයිති කර ගත්ත ඉඩම් ගොඩක් ඒ ප්‍රදේශයේ තියෙනවා. කඩොලාන තිබුණ ඉඩමක් තමයි මේ කුණු දාන්න අරන් තියෙන්නේ. මම තවත් නිලධාරීන් කණ්ඩායමක් යවල පරීක්ෂා කරනවා," දේවානි ජයතිලක පැවසීය.

"මම නම් කියන්නේ මුතුරාජවෙල ආසන්නයේ තියෙන සියලු කඩොලාන වනාන්තර ගැසට් කරල රක්ෂිත බවට පත් කරන්න ඕන කියන එකයි. එහෙම කළොත් විතරයි මේවා ආරක්ෂා වෙන්නේ."

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දෙන්නේ, කඩොලාන වනාන්තර ආරක්ෂා කර නොගතහොත් නරක ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවය.

"ලංකාවේ වනගහනය 29%ක් තිබුණත් කඩොලාන ගහනය තියෙන්නේ 0.01%ක් තරම් අඩු අගයක. ඒක අපි වැඩි කර ගත්තේ නැත්නම් ඉතා ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ පාන්න වෙයි."

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "මීගමුවේ ඇති වුණ සිද්ධියෙන් පස්සේ කඩොලාන වනාන්තර කිහිපයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත වනාන්තර බවට නම් කරල ගැසට් කරන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒක යහපත් දෙයක්," යනුවෙනි.