ලේක්හවුස් ආයතනයේ වාර්ෂික වැටුප් වර්ධකය ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ට ලබාදී නැතැයි වාර්තා වේ.
වාර්ෂික වැටුප් වර්ධක ලබා නොදීම සඳහා හේතු මෙසේය වැටුප් නොලැබූ සේවකයන්ට ලේක්හවුස් පාලනාධිකාරිය දැනුම් දී නැත.
වැටුප් වර්ධක ලබා නොදීමට හේතු වශයෙන් ගැනෙන්නේ අනුමත නිවාඩු සංඛ්‍යාවට වඩා නිවාඩු ලබාගැනීම, අකාර්යක්ෂමතාව වැනි හේතු බව පෙන්වා දෙන එහි සේවකයකු පැවසුවේ පසුගිය ආණ්ඩු සමයේ දී නීත්‍යානුකූල නොවන ආකාරයට වැටුප් වැඩි කරගත් ජාතික සේවක සංගම් සාමාජිකයන්ට වැටුප් වර්ධක ලබාදී නැති බවයි.
සෑම ආණ්ඩු කාලයකදීම බලයෙහි සිටින දේශපාලන පක්ෂයේ වෘත්තීය සමිති සාමාජිකයන් දේශපාලන පළිගැනීම් ලෙස දක්වා නීතිවිරෝධී වැටුප් වැඩි කිරීම් හා උසස්වීම් ලබා ගන්නා බවද එම සේවකයා වැඩිදුරටත් කීය.

