සංවර්ධන නිලධාරීනුත් මහ පාරේ

සංවර්ධන නිලධාරීනුත් මහ පාරේ

සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි.

මෙම උද්ඝෝෂණ පාගමන බොරැල්ල ඩී.එස්. වටරවුමේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.

90 දශකයේ සිට මේ දක්වා නොවිසඳුණු එම්.එන් 04 වැටුප් තලයට අයත් ගැටලු කිහිපයක් හේතුවෙන් සංවර්ධන නිලධාරීන් මෙම විරෝධතාවෙහි නිරත වන බව සංවර්ධන නිලධාරී සේවා සංගම‍යේ සහ රැකියාලාභී උපාධිධාරි සංගමයේ නියෝජිත සම්පත් භාග්‍ය මහතා පැවසීය.

සංවර්ධන නිලධාරීන් සඳහා උසස් වීම් පටිපාටියක් සකස් කර නොමැති බවත්, උපාධිධාරීන් සඳහා උසස් වීම් ලබා නොදෙන එකම වෘත්තිය සංවර්ධන නිලධාරී සේවාව බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමනිසා පරිපාලන නිලධාරී වැනි උසස් වීම් පටිපාටියක් ඇති කරන ලෙසත් විවිධ හේතු මත නවතා ඇති උපාධිධාරීන්ගේ වැටුප් වර්ධක නිසිලෙස ලබාදෙන ලෙසත් සම්පත් භාග්‍ය  මහතා ඉල්ලා සිටියේය.

එසේම 2018 බඳවාගත් උපාධිධාරීන් සඳහා වසරක් ඇතුළත ස්ථිර පත්වීම් ලබාදෙන බව පැවසුවද එය මාස හතරක් කල් දමා ඇති බවත්, එම සේවා කාලය තුළ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හිමි නොවන අතර, ඔවුන් ස්ථිර රාජ්‍ය සේවයට අයත් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දී උපාධිධාරීන්ගේ නිසි ගරුත්වය සහ රැකියා සුරක්ෂිතතාව ආරක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් මෙම විරෝධතාවෙහි නිරත වූ බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.