බලෙන් අල්ලාගත් දුම්රිය ඉඩම මුදවාගත් නිලධාරීයාට බෝම්බ ගහලා !

බලෙන් අල්ලාගත්  දුම්රිය ඉඩම මුදවාගත් නිලධාරීයාට බෝම්බ ගහලා !

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පර්චස් 60 ක පමණ දුම්රිය ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන අනවසරයෙන් කරනු ලැබූ ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළ දුම්රිය ආරක්‍ෂක සේවයේ සහකාර ආරක්‍ෂක අධිකාරී රත්නමලල මහතාට බෝම්බ ගසා මරණීය තුවාල සිදුකළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ විසින් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

දේශපාලන බලය යොදා ගනිමින් මෙම දුම්රිය ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන අනවසරයෙන්  ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර නාගරික මන්ත‍්‍රීනී සුරංගි රේණුකා සමරතුංග ඊට සම්බන්ධ වී ඇති බව දැන ගැනීමට ලැබී ඇත.

පරීක්‍ෂණ කටයුතු කිරීමට ගිය අවස්ථාවේදී ද මෙම අනවසර ගොඩනැගිල්ල ඉදිකරමින් තිබූ අතර, ටික වේලාවකින් මෙම මන්තී‍්‍රවරිය පැමිණ ”හොඳයි එහෙනම් බලාගමු” යනුවෙන් සහකාර ආරක්‍ෂක අධිකාරී වරයාට තර්ජනය කර ඇත.

අනුරාධපුර නගරය මැද පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා මෙම ඉඩම දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත්තේ වසර ගණනාවකට පෙරය. දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩමෙහි ඉදිකර ඇති ගොඩනැගිල්ල 2000 වසරේදී පිස්කල් නියෝගයක් අනුව ඉවත්කර ඇති අතර, අදාල මන්ත‍්‍රී වරිය දේශපාලන බලය යොදා නැවත බලහත්කාරී ලෙස ඉඩම අත්පත් කර ගෙන ඇති අතර, ඉදිකිරීම් කටයුතු ද සිදුකරමින් ඇත. මෙම ඉඩමෙහි ඇති අනවසර ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පෙබරවාරි 27 දිනට නියමිතව තිබූ අතර, සහකාර ආරක්‍ෂක අධිකාරී වරයාට බෝම්බ ගසා මරණයට පත්කිරීමට තැත්කර ඇත්තේ 26 දා රාති‍්‍රයේදීය.
 
ආණ්ඩුවේ මැර මන්ත‍්‍රීන් නිසා තම රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන්ට නොහැකි වීම බරපතල තත්වයක් බව පෙන්වා දෙන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික මන්ත‍්‍රීණී සුරංගි රේණුකා සමරතුංග සැක සහිත බැවින් ඇය අත්අඩංගුවට ගෙන නීතිමය කි‍්‍රියාමාර්ග ගන්නා ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න