නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (09) සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ විවෘත කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ
එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයෙකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමේ අවස්ථාව ඇති බවය.
“අපි අද මේ විවෘතකලේ මේ රටේ පොදු ජනතාවගේ මහගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය මේ රටේ සෑම දෙනාගේම දුක්ගන්නාරාල බවට පත්වෙනවා” යැයිද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුනේ නායකයින් වන චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය මහනුවරින් ඇරඹේ !
මේ අතර ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ඡන්ද ව්‍යාපාරය නිල වශයෙන් ඇරඹෙන බවත් දැනගන්නට ඇත.
සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගි වන බවත් වාර්තා වෙයි.

