කොරෝනා ගැන මංගලගෙන් ආණ්ඩුවට පණිවිඩයක් ! (වීඩියෝ )

කොරෝනා ගැන මංගලගෙන් ආණ්ඩුවට පණිවිඩයක් ! (වීඩියෝ )

covid 19 නොහොත් නව කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වෙමින් තියෙන මොහොතක ලංකාවේ අපිත් මේ ගැන මීට වඩා අවධානයෙන් ඉඳීමේ වැදගත්කම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

 කොරෝනා වෛරසය උෂ්ණ දේශගුණයක් තියෙන අප රට වැනි  රටවල් වල පැතිරෙන්නේ නැහැයි යන මතයක් තිබුණත් ඊයේ වන විට බංගදේශය පවා කොරෝනා වෛරසය පැතිරමින් තියෙන බවට වාර්තා වූ බවත් එබැවින් වහාම වර්තමාන රජය මේ සම්බන්ධයෙන් තමන් ගන්නට යන ක්‍රියාමාර්ග කුමක්ද කියලා රටට අනාවරණය කල යුතු බවත් ඔහු පවසයි.
 
ලීඩර් TV යු ටියුබ් චැනලයට ප්‍රකාශයක් කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව සඳහන් කරන අතර එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
ලංකාවේ අපේ  පුරවැසියන් විශාල ප්‍රමාණයක් කොරෝනා වෛරසය දැනටමත් පැතිර තිබෙන රටවල් වල රැකි රක්ෂා කරනවා, ජිවත් වෙනවා. ඉතාලියේ, දකුණු කොරියාවේ, ජපානයේ , චීනයේ. අන්න ඒ නිසා ඇත්ත වශයෙන්ම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරත් කොරෝනා වෛරස් වසන්ගතය වැඩි කල් නොගොස් ලංකාවටත් ඇතුල් වීමේ භයානක තත්වයක් තියෙන බවට අපි තෙරුම් ගන්න ඕනේ. 
 
අන්න ඒ නිසා වර්තමාන රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවාද? ඒ වගේම මේ වසංගතය ලංකාව තුළ ඇති වුනහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියා මාර්ග මොනවාද ? ඒ වගේම ඒ වසංගතය සඳහා අපගේ රොහල් ආදිය සුදානම්ද කියන දේ සම්බන්ධයෙන් රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා. 
 
විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මේ අභියෝගය ලංකාවටත් මුහුණ දෙන්නට වෙන්නේ අපේ සෞඛ්‍යය සේවය පසුගිය මාස කිහිපය ඇතුළතදී කවදාවත් නොදුටු විදියට මහා කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. අද රෝහල් වල බෙහෙත් නැහැ . එදා අපි ජනතාවට ලබා දුන් බෙහෙත් යලි වතාවක් ඒ සහන නැතිව අධික මිලට ලබා දෙනවා. එදා අපි ජනතාවට ලබා දුන් විවිධ කාච ඇතුළු හැම දෙයක්ම නොමිලේ ලබා දුන් හැමදෙයක්ම නැති කරලා ඇත්ත වශයෙන්ම පසුගිය මාස තුන ඇතුළත වසර 5කට ආසන්න කාලයක් තුළදී අපි ක්‍රමානුකූලව ගොඩ නැගූ සෞඛ්‍යය සේවය යලි වතාවක් මහා කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. අන්න ඒ වගේ මොහොතකයි අපි කොරෝනා වෛරසයේ අභියෝගයට මුහුණ දෙන්න යන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න