අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වෙයි.
නාම යෝජනා භාර ගැනීම හෙට (12) සිට 19 දා දක්වා සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග පවසයි.
මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මාර්තු 18 වන දා දහවල් 12 දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාලවල දී සිදු කෙරෙන බවත් මැතිවරණ කොමිසම සඳහන් කට සිටියි.
නාම යෝජනා භාර දෙන අවස්ථාවට සහභාගී විය හැක්කේ දේශපාලන පක්ෂයක ලේකම්වරයා විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු හෝ කණ්ඩායම් නායකයා ඇතුළු අපේක්ෂක ලයිස්තුවේ දෙදෙනකු සමඟ 04 දෙනකුට පමණක් බව ද කොමිෂන් සභාව මේ වන විට දන්වා ඇත.

