මනෝ වියතුන් පාර්ලිමේන්තු ගෙන්වීමට මුල පුරයි : අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් කොළඹින් !

මනෝ වියතුන් පාර්ලිමේන්තු ගෙන්වීමට මුල පුරයි : අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් කොළඹින් !
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් වෙහෙසුණු වියත්මග සංවිධානය නියෝජනය කළ වියතුන් පොදුජන පෙරමුණ නාම යෝජනා ලැයිස්තු වෙතින් ගිලිහී යන විට සැබෑ වියතුන් පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට සමඟි ජන බලවේගය කටයුතු කරමින් සිටියි.
 
ඒ අනුව යමින්  සමඟි ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන්ගේ පාර්ශවය නියෝජනය කරමින් එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.
 
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමඟි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන මෙම පුද්ගලයා රට පුරා විහිදී පවතින මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා වන බවත් වාර්තා වෙයි.
ජාතික සමගි බලවේගයට කොළඹ දිස්ත්‍රිකයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා අතිශය වැදගත් වනු ඇති බවත් එම පාර්ශවයේ මතය වී ඇති අතර එවැන්නෙකුගේ පාර්ලිමේන්තු ආගමනය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් නොවිසඳී පවතින අර්බුද රැසකට ප්‍රායෝගික විසඳුම් සපයා ගැනීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇති බව විද්වත් මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න