අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 185.09 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය
ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (17) 186.66 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 186.66ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 182.57ක් ලෙසත් දැක්විණි.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

