ලංකාව ගිනි ගනිද්දී ලංකාවේ නිරෝලා තුනෙන් දෙක හොයනවා - සජිත්

ලංකාව ගිනි ගනිද්දී ලංකාවේ නිරෝලා තුනෙන් දෙක හොයනවා - සජිත්

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් රට ගැන නොතකන අපේ හීරෝලා කොරෝනා පැත්තකට දමා තුනෙන් දෙකක බලයක් ගැනීමට උත්සාහ කරමින් සිටින බව  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඇතුකෝට්ටේ පිහිටි එම පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (17)  මාධ්‍ය අමතමින් ය.

මුළු ලෝකයම නව කොරෝනා වයිරසය නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ පිළිබඳ නොව කොරෝනා මෙරටින් ඉවත් කරවීම ගැන රජයේ අවධානය යොමු විය යුතු බවත් එහිදී  සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය.

මේ වන විට නව කොරෝනා වයිරසය පැතිරී ඇති බ්‍රිතාන්‍ය ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය ඇමෙරිකාව වැනි රටවල්  ජනතාව ගැන සිතා එම රාජ්‍යයන්වල පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ කල් දමා තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ නිසා ජනතාව ගැන සිතා මැතිවරණයකට නොගොස් මුළු රටම විෂබීජහරණයකට ලක් කළ යුතු බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න