කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට : රටම නිරෝධායනයට තවම අවශ්‍ය නෑ - ජනාධිපති ගෝඨාභය

කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට : රටම නිරෝධායනයට තවම අවශ්‍ය නෑ - ජනාධිපති ගෝඨාභය

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.

කෙසේ වෙතත් අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේ  ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බවය.

මේ අතරින් බොහෝ පිරිසක් දැනට නිරෝධායනයට ලක්වන පුද්ගලයන් බවත් ඇය පවසයි. 

 තවද කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකන්ද මූලික රෝහල යොදා ගැනීමට පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

රට පුරා කොරෝනා අධි අවධානම් කළාප !

මේ අතර රටපුරා  ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ බව හෙලි කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි ප‍්‍රදේශයන්, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කය, දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශ එම අවදානම් කලාප වන බව ඔවුහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.

මුළු රටම  නිරෝධායනයට තවම අවස්ථාව නොවෙයි - ගෝඨාභය 

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ  මුළු රටම එකවර නිරෝධායනය කළ යුතු තත්ත්වයකට ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණ නැති බවය. 

මේ ගැන තමන් බොහෝ දුරට සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේදී අද අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රටට කිසිවකුට ඇතුළු වීම නැවැත්වීම තුළින් වෛරසය පාලනය කළ හැකි වනු ඇති බවත් එම තීන්දුව ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

විදේශවලින් පැමිණ නිරෝධායන නොවී සිටින අය සොයා නිරෝධායනය කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ වගකීමෙන් තොරව පුද්ගලයන් කටයුතු කරන නිසා බව ද කෙසේ වෙතත් මෙය නිරෝධායන තුළින් පාලනය කළ හැකි වුවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න